වාස් සහ පුතු ඇතුළු 6කට මරණ දඬුවම

null

බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු 6 දෙනෙකු වරදකරුවන් කරමින් අද (27) කොළඹ මහාධිකරණය ඔවුන්ට මරණ දඬුවම නියම කර තිබේ.

2013 වසරේ මැයි මස 21 වන දින කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලදී මොහොමඩ් සියාම් ඝාතනය කිරීම, ඊට කුමන්ත්‍රණය කිරීම, පැහැරගෙන යාම සහ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා 8ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරනු ලැබුණි.

ඒ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස්‌ ගුණවර්ධන සහ ඔහුගේ පුත් රවිඳු සමීර ද වාස්‌ ගුණවර්ධන, බමුණුසිංහ ආරච්චිගේ ලක්‌මිණ ඉන්දික බමුණුසිංහ, අතපත්තුගේ ගාමිණී සනත්චන්ද්‍ර, ආනන්ද පතිරණගේ ප්‍රියන්ත සංජීව, දිසානායක මුදියන්සේලාගේ කැළුම් රංගන දිසානායක යන අයට එරෙහිවයි.

මෙම නඩුව මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය, කුසලා සරෝජනී වීරවර්ධන හා අමේන්ද්‍ර සෙනෙවිරත්න විනිසුරු මඬුල්ල ඉදිරියේදී විභාගයට ගෙන තිබේ.

එකී ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය ප‍ොලිස්පතිවරයා 2013 ජූනි මස 10 වැනිදා අත්අඩංගුවට ගැනිණ. මෙම නඩුවේ තීන්දුව පිටු 802කින් සමන්විත බව වාර්තා වේ.

කෙසේ වෙතත් මේ අපරාධයට තමන් සම්බන්ධ නැති බව මරණ දඬුවම නියමවූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ පුත් රවිඳු ගුණවර්ධන පවසයි. සියාම් ඝාතනය සඳහා මරණ දඬුවම නොදීමට හේතු ඇත්නැම් කියන්නැයි විනිසුරුවරුන් දැන්වූ අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කර තිබේ.

එමෙන්ම රවිඳු ගුණවර්ධන එහිදී සඳහන් කළේ “මේ වගේ තාත්තා කෙනකුගේ පුතකු වීමට ලැබීම ගැන මා ආඩම්බර වෙනවා. තාත්තා එක්ක එකට හිරේ යන්න ලැබීම ගැන සතුටු වෙනවා.” යනුවෙනුයි.

මේ අතර ඝාතනයට ලක්වූ මොහොමඩ් සියාම්ගේ පියා පවසන්නේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඊට වරදකරු නොවන බවයි.

ඔහු අභියාචනයක් ඉදිරිපත් කළහොත් තමන් සාක්ෂි ලබාදීමට සූදානම් බව ද මොහොමඞ් සියාම්ගේ පියා පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>