වාසු කිව්වේ කුණුහරුපයක් නෙමෙයි – ප#යා කියන්නේ ගෙඩියට
පසුගිය දින පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී වාසුදේව නානයක්කාර මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අසභ්‍ය වචන වලින් බැන වැදුණි. මෙය බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ අතර දැන් එම අසභ්‍ය වචන වලට විවිධ අර්ථකතන දක්වයි.
පසුගිය දින දෙරණ වාද පිටිය වැඩසටහනට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසා ඇත්තේ එම වචනය අසභ්‍ය වදනක් නොවන බවත් සිංහල භාෂාවේ ඒ ආකාරයේ වචන භාවිතයන් ඕනෑ තරම් වැදගත් ආකාරයට සිදුව ඇති බවත් ය.
“ඇත්තටම මේක නරක වචනයක් නෙමේ. ඒ ඒ පළාත් වල ඒඒ ජනවර්ග විවිධ අර්ථවලින් එකම වචනය භාවිත කරන අවස්ථා තියනවා. උදාහරණ ලෙස “අටසීයක් ඇති සත්දික් ඇති පයියා..” කියල දම්ගැටමාලාවේ කවියක් තියනවා ඒකෙ කියන්නෙ අටසීයක් ඇත් සන්ධි ඇත්තාවූද.. කියන එක. ඉතින් මේක කුණුහරුපයක් වෙන්නෙ කොහොමද?
ගුණසේන ශබ්ද කෝෂයේ එම වචනයේ අර්ථය හැටියට කියන්නෙ එක, ගෙඩිය, ඵලය,පැසුණ ගෙඩිය,ගෙඩියක් වැනි ඕනෑම දෙයක් ලෙසින්.”
ඔහු වැඩි දුරටත් සිදුකල අර්ථ දැක්වීම පහත විඩියෝවෙන් නරඹන්න…