වාහන ගැන සුමනදාසගෙන් පේනයක් අහමු – අගමැති කියයි

null

පසුගියදා දිවයිනේ විවිධ ස්ථාන වලින් සොයාගනු ලැබූ වාහන පිළිබඳව පාර්ලිමේන්තුවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා අතර කතාබහක් ඇතිවිය.

එහිදී අනුර කුමාර දිසානායක මහතා විමසුවේ “රජයේ නිලධාරියකු වුවත් තම තනතුරු වලින් ඉවත්ව යනවිට පරිහරණය කළ සියළු දේ බාර දි යනවා. මේ හිටපු ජනාධිපතිතුමාගේ වාහන ගස් ගල් යටින් ගරාජ් යටින් ලැබෙන්නේ ඇයි. එතන වාහන කොපමණ තිබුණාද ? ඒවායේ ලිපිගොනු නැද්ද ?“ යනුවෙනි.

එයට පිළිතුරු දුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

‘‘වාහන හැමතැනින්ම ලැබෙනවා. අපි කිසිම කෙනෙක් දන්නේ නැහැ වාහන කීයක් තිබුණා ද කියා. වාහන සීයක් ද ? දාහක් ද ? ලක්ෂයක් ද ? කියා කිසිකෙනෙක් දන්නේ නැහැ. අපි හැමෝම එකතුවෙලා මේවා හොයන්න ඕනෑ. මේ වාහන ගැන ලිපිගොනු නැහැ මන්ත්‍රීතුමෝ. පේනයක්වත් අහන්න වෙනවා. නැත්නම් අර සුමනදාසගෙන් අහල බලමු “

එම වීඩියෝව පහතින්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>