වාහන බදු සහන හෙට සිට

null

වාහන ආනයනය කිරීමේදී මෙවර අය – වැයෙන් හඳුන්වා දුන් විශේෂිත බදු ක‍්‍රමය තමන්ට වාසිදායක බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එමෙන්ම අයවැයෙන් ලබාදුන් බදු සහන අනුව ලැබෙන වාසිය පාරිභෝගිකයන්ට ලබාදෙන බවද එම සංගමය පවසයි.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසුවේ අයවැය යෝජනා අනුව වෑන් රථවල මිළ ගණන් රුපියල් ලක්‍ෂ 6 කින් පමණ පහළ යනු ඇති බවයි. ඉන්දියාවෙන් ආනයනකරන කුඩා මෝටර් රථවල මිළ ගණන්ද සුළු වශයෙන් අඩුවනු ඇති බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය. කෙසේවෙතත් හයිබ‍්‍රඞ් මෝටර් රථවල මිළ ගණන් වෙනස් වන්නේ නොවේ.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ නව බදු ක‍්‍රමය අනුව වාහනවල මිළ වෙනස්වීම් නිශ්චිත ලෙස හෙට දිනයේ ප‍්‍රකාශ කරන බවයි. ඒ අනුව නව මිළ ගණණ් යටතේ වාහන මිලදී ගැනීමේ අවස්ථාවද පාරිභෝගිකයන්ට හෙට සිට හිමිවේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>