වාහන මිල අද සිට ඉහළට

null

අයවැයෙන් පැන වූ බදු හේතුවෙන් ඉහළ යන වාහන මිල ගණන් අද (23) සිට බලපැවැත්වෙනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඉකුත්දා ඉදිරිපත් කෙරුණු අයවැය මගින් යෝජනා කෙරුණේ ධාරිතා ඝන සෙන්ටිමීටර් ප‍්‍රමාණය මත පදනම් වූ නිෂ්පාදන බද්දක් හඳුන්වාදීමටයි. එමෙන්ම ඇතැම් වාහන සඳහා ප‍්‍රතිශතය මත පදනම්ව බදු අනුපාත සංශෝධනය කිරීමටද යෝජනා කෙරුණි.

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරන්චිගේ මහතා කියා සිටියේ වාහන වැනි ක්‍ෂේත‍්‍රයක් සඳහා බදු පැනවීමේදී රජයක් ප‍්‍රධාන කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බවයි.

කෙසේ වෙතත් පවතින තත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී රජය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද එ් මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

වාහන වල මිල ගණන් පහත ආකාරයෙන් ඉහළ යනු ඇත…

මරූටි වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ දෙකහමාරකින් පමණ වැඩිවනු ඇත.

වැගන්ආර් වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 4කින් පමණ ඉහළ යනු ඇති.

හයිබි‍්‍රඩ් වර්ගයේ මෝටර් රථවලට පැනවූ බදුද සියයට 10කින් පමණ ඉහළ දැමෙනු ඇති. එ් අනුව ඇක්වා වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 5ත් 6ත් අතර මිලකටත්, පි‍්‍රයස් වර්ගයේ මෝටර් රථයක මිල ලක්ෂ 7කින් පමණ ඉහළ යනු ඇත.

වෑන් රථ සඳහා පැනවූ බදුද සියයට 85 සිට සියයට 150 දක්වා ඉහළ යාමට නියමිතයි. එ් අනුව වෑන් රථයක මිල රුපියල් ලක්ෂ 25කින් පමණ ඉහළ යනු ඇති.

විදුලිබලයෙන් ධාවනය වන මෝටර් රථයකට පැන වූ බදුද සියයට පහේ සිට සියයට 50ක් දක්වා ඉහළ යනු ඇති බව සම්පත් මෙරන්චිගේ මහතා සඳහන් කරයි. එ් අනුව එවැනි වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 25කින් පමණ ඉහළ යනු ඇති.

මේ අතර සම්පූර්ණයෙන්ම සූර්ය තාපයෙන්, හයිඩ‍්‍රජන් හෝ හීලියම් මගින් ධාවනය වන වාහන සඳහා වන නිෂ්පාදන බද්ධ සියයට 2 යි දශම 5කින් අඩු කිරීමට අයවැයෙන් යෝජනා කෙරුණි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>