වාහන වල අනවසර රතු-නිල් විදුලි බුබුළු දල්වන්නන්ට නඩු

null

අවසරයකින් තොරව රතු, නිල් වැනි වර්ණවලින් යුත් අමතර විදුලි බුබුළු සවිකර ඇති රථ වාහන හිමියන්ට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීමට පොලිසිය තීරණය කර තිබේ.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කර ඇත්තේ එලෙස රතු, නිල් වැනි විදුලි බුබුළු රථවාහනවල භාවිත කළ හැක්කේ විශේෂ අවසරයක් සහිතව පමණක් බවයි.

පසුගිය කාලසීමාව පුරා පොලිසිය මේ සම්බන්ධයෙන් රියදුරන් දැනුවත් කළ බවත් ඉදිරියේදී අදාල නියෝග නොතකන රියදුරන්ට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>