වැඩි ඡන්ද ලක්ෂ 20කින් දිනන බව ජනපති කියයි

null

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් වැඩි ඡන්ද ලක්ෂ 20කින් දිනන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කලේ කිරිබත්ගොඩ නගරයේදී පැවති ජනහමුවකට එක්වෙමිනි.

එක්සත් ජාතික පක්ෂය පැරණිම දේශපාලන පක්ෂයක් වුවත් ඔවුන්ට ජනාධිපති අපේක්ෂකයකු පත් කර ගන්නට නොහැකි වූ බව පැවසු ජනාධිපතිවරයා, ගියපාර තමන්ගේ හමුදාපති වරයා බිල්ලට ගත බවත් මෙවර තමන්ගේ ලේකම්වරයා බිල්ලට ගත් බවත් ප්‍රකාශ කළේය.

මුස්ලිම් කොංග්‍රසයේ සහය පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට හිමිවීම ගැන අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ 2010 මැතිවරණයේදීත් හකීම්ගේ සහය තමන්ට නොලැබුණු බවයි. එසේ වුවත් තමන් වැඩි ඡන්ද ලක්ෂ 18ක් ලබාගත් බවත් මෙවර වැඩි ඡන්ද ලක්ෂ 20කින් දිනන බවත් එතුමා පැවසුවේය.

එහිදී වැඩි දුරටත් ජනපතිවරයා සඳහන් කලේ මුස්ලිම් ජනතාව වැරදි තීරණයක් නොගන්නා බවට තමන් විශ්වාස කරන බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>