වැරදිකාරයෝ ඇඟ බේරගන්න අපේ නම් කියාවි

null

තම පවුලේ සාමාජිකයින්ගේ නම් භාවිතා කරමින් වැරදි කළ පුද්ගලයින් ඉන් බේරීම සඳහා උත්සාහ කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ තම පවුලේ සාමාජිකයින්ට මේ වන විට විවිධ අසත්‍ය චෝදනා එල්ලකරමින් තිබෙන බවයි.

“දැන් හුඟක් දෙනා අර ගෝඨාභයට කරලා තියෙන්නේ. අරයා කිවුවේ ඇවන්ට්ගාඩ් අල්ලලා දීපන් ගෝඨාභය කියලා. අනිත් ‍ඔක්කොම කියන්නෙත් මේකට අල්ලලා දීපන් නාමල්ව. මේකට අල්ලපන්. උඹට ගෙදර යන්න ඇහැකි. එහෙම ගිහිල්ලා කට උත්තර ලියවනවා. මැජිස්ට්‍රේට්ලා ගාවට ගිහිල්ලා ලියවලා ඒ කට්ටිය ඇඟ බේරගන්නවා. මොකද වැරදිකාරයෝ ඇඟ බේරගන්න ඕන වුණාම අපේ නම් කියාවි.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>