වැරදි පෙන්නේ ගියාට පස්සේ – ජනපති

null

විධායක ජනාධිපති ක්‍රමයේ නරක සහ වංචා දූෂණ ඇතැමුන්ට පෙනෙන්නේ රජයෙන් ඉවත්වීමෙන් පසුව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ නාවුල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

ඉදිරි දිනවලදී ජනාධිපතිවරණයක් නොපැවැත්වූවා නම් ඔවුන්ට තවදුරටත් එම අඩුපාඩු නොපෙනෙන බව පැවසු ජනාධිපතිතුමා එවැනි අවස්ථාවාදීන් පිරිසකගේ අරමුණු පරාජය කිරීමට සියලූ දෙනා එක්විය යුතු බවද අවධාරණය කළේය.

අසත්‍ය චෝදනා වලින් රටක ගමන ආපසු හැරවිය නොහැකි බවද එතුමා වැඩි දුරටත් සඳහන් කළේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>