වැරදී පැරදුණ මිස් යුනිවර්ස්ට නිල් චිත්රපටියකට ආරාධනයක්
පසුගිය 20 වන දා විශ්ව රූ රැජිණ ලෙස කිරුළු පැළඳි පිලිපීනයේ පීයා වර්ස්ට්බක්ට වඩා මේ වන විට ලොව පුරා ප්රසිද්ධියට පත්ව සිටින්නේ, මිනිත්තු කිහිපයකට කිරුළ දැරූ කොළොම්බියානු තරගකාරියයි.
තරගය මෙහෙය වූ ස්ටීව් හාවි අතින් සිදු වූ වරදක් හේතුවෙන් ඇයට අවසන් මහා තරගයේදී මිනිත්තු කිහිපයකට විශ්ව රූ
රැජිණ වීමට හැකි වූවා ය.
තරගය මෙහෙය වූ අමෙරිකාවේ ස්ටීව් හාවිට සිදු වූ පැටලීමක් හේතුවෙන් ඔහු විශ්ව රූ රැජිණ ලෙස කොළොම්බියානු තරගකාරිය වූ අරිආඩ්නා ගුටිඑරස් අරිවාලෝ නම ප්රකාශයට පත් කළේ ය.
කෙසේ වෙතත් මිනිත්තු කිහිපයකට පසුව සමාව අයදිමින් ඔහු යළි නිවේදනය කළේ, 2015 වසරේ රූ රැජිණ ඇය නොවන බව ත් පිලිපීනයේ පීයා වර්ස්ට්බැක් 2015 වසරේ රූ රැජිණ වන බව ත් ය.
ඒ අනුව කොළොම්බියා තරගකාරියගේ හිස මත පළඳා තිබූ කිරුළ ගෙන යළි එය පිලිපීන තරගකාරියගේ හිස මත පැළඳවී ය.
මෙම සිද්ධිය හේතුවෙන් එහි කිරුළ ජයගත් පිලිපීන තරගකාරියටත් වඩා ඇය ගැන විශාල ප්රසිද්ධියක් ඇතිවිය.
මේ ප්රසිද්ධිය හිමිකරගත් ලෝක සුරුපිනියන්ගෙන් දෙවෙනියා වුණු අරියද්නා ට අමුතු ආරාධනාවක් ලැබිලා. ඒ නිල් චිත්රපටයක රඟපාන්නට.
ආරාධනාව කර ඇත්තේ ලොව ප්රකට විවිඩ් එන්ටර්ටේන්මන්ට් Vivid Entertainment සමාගම වන අතර එම අවස්ථාව ලබා ගන්නේ නම් ඩොලර් මිලියනයක මුදලක් ගෙවන බව එම නිල් චිත්රපට සමාගම පවසා ඇත.
කෙසේ වෙතත් ඇය එම යෝජනාවට මෙතෙක් ප්රතිචාරයක් දක්වා නොමැති බවට වාර්තා වෙයි.