වැල්ලවත්ත වෙරළේ අභිරහස් මළසිරුරක්

null

වැල්ලවත්ත පොලිස් ස්ථානයේ රාජකාරි කල පොලිස් කොස්තාපල්වරයකුගේ මළසිරුරක් වැල්ලවත්ත වෙරළේ ගල් පරයක සිරවී තිබියදී ඊයේ (27) සොයාගෙන තිබේ. වැල්ලවත්ත – 42 වන පටුමගට ආසන්න වෙරළ තීරයේ මෙම අභිරහස් මළසිරුර හමුව ඇත. මෙසේ මිය ගොස් ඇත්තේ වැල්ලවත්ත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ මාතලේ – හෙට්ටිපොල ප‍්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කේ.ජී. සුනිල් ආරියරත්න නැමැති පොලිස් කොස්තාපල්වරයායි.

මළසිරුර හමුවීමෙන් පසු ඒ අසල වෙරල පරික්ෂාවේදී මියගිය අයගේ බවට සැක කෙරෙන ඩෙනිම් කලිසමක්ද හමුව තිබේ.

මොහු මියගිය දිනට පෙර දින රාත්‍රියේ රාජකාරිය නිමවී තවත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු සමඟ ආහාර ගැනීමට ගොස් ඇති බව සදහන් වේ. ඔවුන් එක්ව මත්පැන් සාදයක් පවත්වා ඇතැයි ද ඔහුගේ මරණය ඒ අවස්ථාවේ ඇතිවූ බහින්බස්වීමකින් පසු සිදුවූ ඝාතනයක්ද යන්න ගැන පොලිසිය සැක කරයි. සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා ද වැල්ලවත්ත පොලිසියේම සේවය කරන අයයි.

පොලිස් කොස්තපල්වරයාගේ මලසිරුරෙහි මුහුණේ තුවාල තිබුන බවත් හිසට පහරදීමක් කර ඇති බවට සැකකරන ආකාරයට ලේ ගලාවිත් තිබු බවත් මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.

වසර 08ක කාලයක් පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති අදාල කොස්තපල්වරයා සිය රාජකාරී නිසි පරිදි සිදුකළ නිලධාරියෙකු බවයි පොලිස් දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේය.

null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>