වැල්ලවත්ත හෝටලයේ ඉන්දියන් යුවළ මැරුන හැටි හෙළිවේ

null

වැල්ලවත්ත හෝටලයක් තුළ ඉන්දිය ජාතික යුවළක් සැක කටයුතු ලෙස මිය ගොස් සිටියදී ඊයේ (03) සොයා ගැනීම සම්බන්ධයෙන් පෙලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මළ සිරුරු අසල තිබී කිසියම් පානයක් හමු වී ඇති අතර ඒ අනුව මෙවුන් දෙදෙනා වස බි සිය දිවි නසා ගන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි. එම වස මියගිය දෙදෙනාගේ මුඛයේද තැන්පත්ව පෙණ තැවරී තිඛෙන අයුරු පොලිසියට නිරීක්ෂණය කර තිබේ.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කර ඇත්තේ අද මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්විමෙන් අනතුරුව මරණයට හේතුව නිශ්චිතවම සොයා ගැනීමට හැකි වනු ඇති බව ය.

මෙලෙස මියගොස් ඇත්තේ ඉන්දියානු ජාතික 28 හැවිරිදි තරුනිය හා 31 හැවිරිදි ඇගේ සැමියායි.

පසුගිය 27 වන සිකුරාදා ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි මෙම යුවළ දැඩි ලෙස කැසිනෝ සූදු ක්‍රීඩාවට ඇබ්බැහිවී සිටි යුවළක් බවද වාර්තා වුණා. ඔවුන් මෙහි සිටි සතියක පමණ කාලය තුළ නිරන්තරයෙන් කැසිනෝ සූදු කටයුතු සඳහා සමාජ ශාලා වෙත ගොස් තිබුණි. කැසිනෝ සූදුව නිසා මුදල් ප්‍රශ්නයක් ඇතිවී වස බීවාද නැතිනම් වෙනත් හේතුවක් මත මෙය සිදුවූවාදැයි තවම අනාවරණය නොවේ.

දින කිහිපයක සිට අදාළ යුවළ හෝටල් කාරමයෙන් ඉවතට නොපැමිණීම හේතුවෙන් හෝටලයේ සේවකයින් ඒ පිළිබඳව පොලීසියට දැනුම් දී තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>