වැල්ලේදී චීන තරුණිය බලෙන් වැළඳගත් තරුණයෙක්‌ අත්අඩංගුවට

null

ශ්‍රී ලංකාවේ සිරි නැරඹීම සඳහා තම සොහොයුරු සමග මෙරට පැමිණි 20 හැවිරිදි රූමත් චීන ශිෂ්‍යාවකට මීගමුව වැල්ලේදී ලිංගික අතවර කළ බව කියන 18 හැවිරිදි බැකෝ යන්ත්‍ර ක්‍රියාකාර සහයකයකු මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් 18 දා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක සමන්තිලක වැලිවිට මහතාගේ අධීක්‌ෂණය මත මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‌ෂක අනුශිකා මැදවත්ත මෙනවිය සහ කාන්තා සැරයන් (4818) හෂීම් මහත්මිය විසින් සිදුකළ මූලික විමර්ශන අනුව මෙම අතවර සිද්ධිය වී ඇත්තේ 17 දින රාත්‍රි 9.30 ට පමණ මීගමුව ඒත්තුකාල සංචාරක පුරයේ වැල්ලේදීය.

මෙම අතවරයට මුහුණ දුන් 20 හැවිරිදි චීන ශිෂ්‍යාව තම සොහොයුරු සමග ශ්‍රී ලංකාවේ සිරි නැරඹීමට පැමිණ මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ පිහිටි චීන සංචාරක හෝටලයක නැවතී සිට ඇත. මෙම සිද්ධිය වූ 17 දා රාත්‍රි 9.30 ට පමණ ශිෂ්‍යාව තම සොහොයුරු සමග නැවතී සිටි සංචාරක හෝටලය පිටුපස ඇති වැල්ලේ ඇවිදිමින් සිට ඇත. ඒ වන විට වැල්ල දැඩි අඳුරකින් යුක්‌ත වූ අතර චීන ශිෂ්‍යාවගේ සොහොයුරු වැල්ලේ ගමන් කර ඇත්තේ තම සොහොයුරියට තරමක්‌ ඈතිනි.

මෙම අවස්‌ථාවේ වැල්ලේ ඇවිදිමින් සිටි චීන තරුණිය වෙත නාඳුනන අයෙකු කඩා පැන ඇගේ ශරීරය ස්‌පර්ශ කරමින් ඇය තදින් සිප වැළඳගෙන ඇත. මේ අවස්‌ථාවේ දැඩි භීතියට පත්වූ චීන ශිෂ්‍යාව ආධාර ඉල්ලා කැගැසීමත් සමග එම තැනැත්තා අඳුරේ පලාගියත් ඔහු අත්අඩංගුවට ගැනීමට ඒත්තුකාල සංචාරක පොලිසියේ පොලිස්‌ නිලධාරීහු සමත්වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු බදුල්ල කන්දකැටිය බෝගහගම කඩේ මාදල්පිටියේ පදිංචි 18 වියෑති තරුණයෙකි.

ඔහු ඒත්තුකාල සංචාරකපුරයේ ඉදිකරන හෝටලයක බැකෝ යන්ත්‍ර ක්‍රියාකාර සහයක ලෙස සේවය කරන බවත් විමර්ශනයේදී අනාවරණය වී ඇත. එම සැකකරු (18 දා) අධිකරණය හමුවට පැමිණවීමට මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කටයුතු යොදා ඇත.

(මීගමුව සමූහ – විමල් කීර්ති)

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>