වැසිකිළි වළට වැ‍ටී කුඩා දරුවෙක් මරුට

null

මඩකළපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ වැසිකිළි වළකට වැටීමෙන් වයස අවුරුදු තුනක දරුවෙකු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ කාත්තන්කුඩි බාවා වීදියේ පදිංචි රමීස් ෆාතිමා නමැති දැරියයි.

නිවස ආසන්නයේ අලුතින් ඉදිකරමින් පවතින තවත් නිවසක අත්තිවාරමක් මත සෙල්ලම් කරමින් සිටියදී දරුවා එහි වැසිකිළිවළට වැටී ඇති බව වාර්තා වෙයි.

මව්පියන් සහ ඥාතීන් එක්ව දරුවා වැසිකිළි වළෙන් ගොඩටගෙන කාත්තන්කුඩි මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුරුව මඩකලපුව ශික්ෂණ රෝහලට මාරුකර යැවීමේ දී දරුවා මියගොස් ඇති අතර කාත්තන්කුඩි පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>