වෑන් එක ඇතුලේ යුවළක් අඹුසැමි ඇසුරක් පවත්වන අයුරු අයෙක් වීඩියෝ කර කප්පම් ඉල්ලලා

null

මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේ පාළු තැනක නවතන ලද වෑන් රථයක් තුළ යුවලක් අනියම් අඹුසැමි ඇසුරක් පවත්වන අයුරු වීඩියෝ ගත කර කප්පම් ඉල්ලු තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

වෑන් එක ඇතුළේ මෙම අනියම් පෙම් යුවළ අඹුසැමියන් ලෙස හැසිරෙනු දුටු ඒ අසළින් ගමන් ගත් අදාල තරුණයා එම සිදුවීම රහසිගතව ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර තිබේ.

පසුව වෑන් රථයට තට්ටුවක් දැමු එම තරුණයා ඔවුන්ට පවසා ඇත්තේ තමා පොලිසියේ සේවය කරන අයෙකු බවත්, ප්‍රසිද්ධ ස්ථානයක අසභ්‍ය අයුරින් හැසිරීම බරපතල වරදක් බවත්ය. “මේක බරපතල වරදක්.. ප්‍රසිද්ධ තැනක ඔයගොල්ලන්ට මේ විදිහට අසභ්‍ය ලෙස හැසිරෙන්න බෑ.. මේ බලන්න මං ගාව සාක්ෂි තියනවා.. මං හොඳට වීඩියෝකරා” (ඔහු එය ක්‍රියාත්මක කර පෙන්වා ඇත)

එය දැක බියපත් වූ අනියම් යුවල පවසා ඇත්තේ තමන්ට කරදරයක් නොකර මේ ප්‍රශ්නයෙන් බේරා දෙන ලෙසයි. එවිට අදාල තරුණයා එසේ නම් තමන්ට ලොකු ගාණක් අවශ්‍ය බව පවසමින් රුපියල් ලක්ෂ 3ක මුදලක් ඉල්ලා ඇත.

කැගල්ල ප්‍රදේශයේ රැකියාවක නියුතු රජයේ නිලධාරියෙකු සහ ඔහු සමග පෙමින් වෙළුණු විවාහක කාන්තාවකවූ මේ දෙදෙනාෙ එම මුදල දීමට පොරොන්දු වී ඇති අතර මිතුරන්ට කතා කොට මහනුවර ගන්නෝරුව මුරුතලාව ප්‍රදේශයේ නවතා තිබුණ වැන් රථය අසළට රුපියල් දෙලක්ෂ විසිදහසක මුදලක් ගෙන්වා ගෙන එම තරුණයට ලබාදී තිබේ.

ඉතිරි මුදල් පසුදින ලබාදීමට පොරොන්දු වූ යුවල පසුව මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව සිද්ධිය වූ ස්ථානයේ පොලිස් සිවිල් නිලධාරීන් පිරිසකට සැගවී සිටින්නට කියා යුවළ එතැනට ගොස් තිබුණ අතර කියූ වේලාවට තරුණයා එතැනට ආ විගස පොලිස් නිලධාරීන් මැදිහත්වී ඔහුව අල්ලා ගෙන තිබේ.

පොලිස් දෙපාර්තුමේනතුවේ රාජකාරී කරන බව දක්වමින් රගපෑ තරුණයා බ්‍රොකර් රස්සාව කරමින් ජීවත්වන අයෙකු බවද එහිදී අනාවරණය වී ඇත. ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කළ පසු ඔහු මීට පෙරදින ලබාගත් මුදල්ද ඔහුගේ නිවසේ තිබී හමුවී තිබේ.

සිද්ධිය පිළිබඳ වැඩි දුර විමර්ශන පේරාදෙනිය පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් සිදුකරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>