වෑන් රථය මතට අධිබලැති විදුලි රැහැනක් වැටී සෙබළු 3ක් මරුට

null

ගාල්ල ගින්තොට ප්‍රදේශයේ වෑන් රථයකට අධිබලැති විදුලි රැහැනක් කඩාවැටීමෙන් යුධ හමුදා සෙබළුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (03) ප.ව 1.10 ට පමණ ගිංතොට පාලම අසළදී මෙම අනතුර සිදුව ඇති බවත්, මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බූස්ස කඳවුරේ සේවය කළ යුද හමුදාවේ සෙබළුන් තිදෙනෙකු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

එම වෑන් රථය අම්බලන්ගොඩ ප්‍රදේශයේ රියදුරු පාසලකට අයත් රථයක් වන අතර අනතුර සිදුවන විට රියදුරු සමග පුහුණුව ලබන්නන් 8 දෙනෙකු එහි ගමන්කරමින් සිට ඇත.

විදුලි රැහැන කඩාවැටීමෙන් පසු රථය ක්ෂණිකව ගිනි ගෙන ඇති බවත්, තුවාල ලබා ගාල්ල කරාපිටියි රෝහලට ඇතුළත් කළ පිරිසෙන් තිදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවත් සඳහන්ය.

වෑන් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයින් මේවන විට ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>