විද්‍යාගේ මිනීමරුවන්ට දඬුවම් දෙන්න විශේෂ අධිකරණයක්

null

යාපනයේදී පසුගියදා දූෂණය කර මරා දැමූ සිවලෝගනාදන් විද්‍යා නමැති ශිෂ්‍යාවගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් විශේෂ අධිකරණයක්‌ හමුවට කැඳවා කඩිනම් නඩු විභාගයක්‌ පැවැත්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ඊයේ (26) යාපනයේ හදිසි සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතනයට ලක් වූ පාසල් සිසුවියගේ මව සහ සහෝදරයා හමු වීමෙන් අනතුරුව මේ බව සඳහන් කර තිබේ.

එම හමුව සිදුව ඇත්තේ යාපනය ආණ්ඩුකාර නිල නිවසේදී ය. එම අවස්ථාවට ජනාධිපතිවරයා සමග උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඇතුළු තව ත් මැති ඇමතිවරු පිරිසක් සහභාගි වී තිබේ.

සිසුවියගේ ඝාතනය තමන් දැඩි ලෙස හෙළාදකින බවත් ඝාතනයට සම්බන්ධ සැකකරුවන්ට දිය හැකි උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එහිදී වැඩි දුරටත් සඳහන් කර ඇත. එමෙන්ම එවැනි සිදුවීම් යළිත් කිසිදු අවස්ථාවක රටෙහි සිදුවීමට ඉඩ තැබිය නොහැකි බවද හෙතෙම අවධාරණය කෙළේය.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>