විද්‍යා දුෂණය කලේ සුදු ගවුමේ බෙල්ට් එකෙන් කකුල් බැඳලා

null

සිවලෝගනාදන් විද්‍යා පසුගිය බදාදා (13 වැනිදා) සුපුරුදුපරිදි තමන් ඉගෙනගන්නා පුන්කුඩතිව් මහා විද්‍යාලයට ගියේ සිතේ සැහැල්ලුවෙනි. විද්‍යා සුන්දරය. පිවිතුරුය. සුරූපීය.

යුද්ධයේ ගිනිදැල් යට අනාගත සිහින සියල්ල බොඳ වී තිබූ යුගයේ ඇයට ඒ හැටි බලාපොරොත්තු තිබුණේ නැත. නමුත් අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්ව උසස්‌ පෙළ හදාරන කාලය පටන් ගත් පසු ඇයට දුර ගමනක සිහින පෙනුණි. නිදහස්‌ නිවහල් බිමක නිදහසේ හුස්‌ම ගනිමින්, අධ්‍යාපන කටුතු කරන්නට හැකි වීම ඇයට පමණක්‌ නොව උතුරුකරයේ මෙන්ම නැඟෙනහිර ද දකුණේ ද දරුවන්ට සිතට, ගතට දෙකටම දැනී තිබිණි.

ඇය පාසල් ගියේ පාපැදියෙනි. මොන තරම් ආකර්ෂණීය පාසල් ශිෂ්‍යාවක්‌ වුවද ඇය කිසිවිටෙකත්, පෙම් හබවල පැටලී අධ්‍යාපනය කඩාකප්පල් කර නොගන්නට අදිටන් කරගෙන සිටියාය. 13 වැනිදා බදාදා දිනයේ ඇය සුපුරුදු පරිදි, සුදු ගවුමෙන් සැරසී පොත් බෑගය ද ගෙන පාපැදියේ නැඟී පාසල් ගියේ සාමාන්‍ය පරිදිය.

නමුත් මේ දැරිවි සිහිනෙන්වත් නොසිතූ, නොපැතූ යමක්‌ සිදුවෙමින් තිබිණි. තල් රුප්පා මැද ගංජා උරමින් සිටි තරුණයන් පිරිසක්‌ සිහිවිකලෙන් යමක්‌ සැලසුම් කරමින් සිටියහ. “අපි හොඳ වැඩක්‌ කරමු.” එකෙකු කළ යෝජනාවට සෙසු පිරිස ද විරෝධය නොදක්‌වා නිහඬව එම යෝජනාව අනුමත කර තිබිණි. එකම පවුලේ සහෝදරයන් තිදෙනකු ද තවත් හය දෙනකුද මෙහි සිටියහ.

විද්‍යා දියණිය පාසල් යෑමට පැමිණෙද්දී තල් රුප්පාව චණ්‌ඩ සුළඟකට හසුව සෙළවෙන්නේ යම් සේද විද්‍යා ද හිටිහැටියේ තිගැස්‌සී ගියේ ඒ ලඳු කැලෑ අතරින් මතු වූ තරුණ පිරිස කළ නොමනා විහිළුව නිසා ය. විද්‍යාගේ දෙකොපුල් රත් පැහැ වී ගියේ ඇයට ද නොදැනීය. එකකු විද්‍යා අසලට පැමිණ විද්‍යාගේ අත අල්ලා ගත්තේ වියරුවෙනි. විද්‍යා දියණිය බියපත්ව කෑ ගසන්නට වූවාය. දියෙන් ගොඩට ඇද දැමූ මත්ස්‍යයකු සේ ඈ වෙවුලුම් කන්නට වූවාය. “අනේ මට යන්න දෙන්න” ඇය එසේ කීව ද ඒ නරුමයන් ඇයගේ අත රැඳි බෑගය උදුරා ගත්හ.

ලඳු කැලෑව් සිට සතා සීපාවාද තුෂ්නීම්භූතව බලා සිටියේ විද්‍යාට සිදුවන්නට යන අකරතැබ්බය ඉවෙන් මෙන් වැටහී ගිය සෙයියාවෙනි. ලඳු කැලෑවේ කුඩා පදුරු අතරින් තවත් කිහිප දෙනෙක්‌ මතුවූහ. විද්‍යාගේ අතින් ඇදගත් මේ නරුමයන් ඇයව ලඳු කැලැවේ කිසිවකුට ඇස නොගැසෙන පාළු පෙදෙසකට, ඇදගෙන ගියේ. මිනී කුණකට පොරකන වළසුන් මෙනි. තල්ගස්‌, සර සර හඬින් වියරු වෙද්දී විද්‍යා මුවැත්තියක සේ ගැහෙද්දී මේ නරුමයන් විද්‍යාගේ ගෙල බැඳි පාසල් ටයි පටිය ගලවා ඇයගේ අත්දෙක පිටුපසට කර ගැටගසා ඇයගේ කටට රෙදි පාන්කඩ එබූහ. විද්‍යා කලබලයට පත්ව පොරබදන්නට වූවාය. නමුත් හැඩි දැඩි පිරිමි සිරුරු හමුවේ ඇය මුවැත්තියක මෙන් බියෙන් සැසලී නිහඬ වූවාය. දෑස්‌වලින් ගලාගිය කඳුළැලි දෙස බලන්නට ඒ නරුමයින් කිසිවකු උත්සාහ කළේ ද නැත. තල් රුප්පා ඈ වටා භ්‍රමණය වන සෙයක්‌ ඇයට දැනිණි. වියරුවූවෝ සුදු ගවුම පිළිබඳවත් නොතකා හැර ඇයගේ පිරිපුන් යෞවනයේ සියලු සාර උදුරාගන්නට වූහ.

පාසල් ගිය දියණිය නිවසට යළි නොඒම නිසා පොලිසියට ඒ පිළිබඳ පැමිණිල්ලක්‌ ලැබිණ. පොලිසියත් ප්‍රදේශවාසීනුත් එක්‌ව ලඳු කැලෑව පීරා බලද්දී විද්‍යාගේ නිසල සිරුර හමුවිය. දෑත් පිටුපසට කර ගැටගසා ඇයව සමූහ දූෂණයට ලක්‌කර ඇති වග වෛද්‍ය වාර්තා මගින් සනාථ කෙරිණි.

යුද්ධය පැවැති අධම යුගයේ නම් විද්‍යා දූෂණයට ලක්‌කිරීම, පසුව ඝාතනය කර දැමීම රජයේ හමුදාව වෙත පටවා ඒ නරුමයින්ට අතපිස දමා ගැනීම ඒ හැටි දෙයක්‌ නොවන්නට හොඳටම ඉඩ තිබිණි. නමුත් පොලිසිය මේ අපරාධය කළ උන් පිළිබඳ පරීක්‍ෂණ ආරම්භ කෙරිණි. එකම පවුලේ තිදෙනකු මුලින්ම අත්අඩංගුවට ගත් පොලිසිය තවත් හය දෙනකු අත්අඩංගුවට ගත්තේ මහත් පරිශ්‍රමයකින් පසුවය. මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ඇතැමෙකු කොළඹට පලාගොස්‌ සිටියදී අත්අඩංගුවට ගැනීමට සමත් විය.

මෙම සිද්ධියට සම්බන්ධ බවට සැලකෙන එකම පවුලේ තිදෙනා හා විද්‍යාගේ පවුලේ අය අතර නෝක්‌කාඩුවක්‌ තිබී ඇතැයි පැවැසේ. ඒ අනුව චන්දකාන්තන්, මහාලිංගම්, ශිවදේවන්, කුදාසන්, ගෝපිතන්, එකම පවුලේ සහෝදරයන් තිදෙනකු ඇතුළු සැකකරුවන් නව දෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මෙම සිද්ධියට සම්බන්ධ බවට සැලකෙන එකම පවුලේ තිදෙනා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සිද්ධිය පාපොච්චාරණය කර ඇති අයුරු පහතින්…

“අපිට විරුද්ධව කයිට්ස් මහාධිකරණයේ නඩුවක් තියෙනවා. හොරකමක් ගැන. ඒකෙ ඇසින් දුටු සාක්ෂිය විද්‍යාගේ අම්මා. ඒ ගෑනිට අපි කිව්වා සාක්ෂි දෙන එක නතර කරන්න කියලා. ඒත් එයා ඒක නතර කළේ නෑ. නඩුව අපිට අවාසි වෙන විදියටයි විභාග වෙන්නේ ඒ ගෑනි නිසා. ඒ නිසා අපිට ඕන වුණේ එයාගෙන් පළිගන්න. පළිගන්න විදියක් හිත හිත ඉද්දි අපේ යාළුවෙක් කිව්වා විද්‍යාව අරගෙන ගිහින් රේප් කරපන් කියලා. අපි තුන්දෙනා ඊට පස්සේ මේ කොන්ත්‍රාත් එක තව කොල්ලෝ කීපදෙනෙක්ට භාර දුන්නා. වැඩේට උන් රුපියල් දහදාහක් ඉල්ලුවා. අපි සල්ලි දුන්නා.

13 වැනිදා උදේ විද්‍යා පාසල් යනකන් අපි බලන් හිටියා. හැමදාම හතයි දහයට විතර එයා බයිසිකලෙන් යනවා. එදා පාරෙදි යාළුවෝ හම්බවුණෙත් නෑ. ඒක අපිට වාසි වුණා. කවුරුත් නැති පාළු හරියකදී අපි පාර හරස් කරලා විද්‍යාව කැලේ තිබුණු පාළු ගේකට අරගෙන ගියා. අපි බීලා හිටියෙත්. ඒ වෙලාවේ තරහ විතරයි හිතේ තිබුණේ.

විද්‍යා කෑ ගහන්න පටන් ගත්තම අපිට බය හිතුණා. ඒකි දඟලන්න පටන් ගත්තා. පොරකන්න, හපන්න, ගහන්න පටන් ගත්තා. ඒ නිසා එයාගේ දිග කොණ්ඩ කරල් දෙක ගැටගහලා තිබුණු රිබන් පටියක් අරගෙන අත්දෙක බැන්දා. අනෙක් රිබන් පටිය අරගෙන ගහක බැන්දා. සුදු ගවුමේ බෙල්ට් එක අරගෙන කකුලක් ළඟ තිබුණ ගහක බැන්දා. කෑ ගහන නිසා අපි රෙදි කටේ එබුවා.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>