විදුලි තරප්පු පෙළ ගැලවෙද්දී දරුවා බේරා මව මරුට
මධ්‍යම චීනයේ හුබේ ප්‍රාන්තයේ ජින්ෂු නගරයේ සාප්පු සංකීරණයක විදුලි බලයෙන් ක්‍රියා කරන තරප්පු පෙළක ලෝහ තහඩුවක් ගැලවී ඊට ඇදවැටුණු 30 හැවිරිදි ක්සියාන්ග් ලියුජුවෑන් නම් කාන්තාවක් මියගොස් තිබේ.
මරණයට පත් කාන්තාව සිය දරුවා සමග තරප්පු පෙළේ ගමන් කරන ආකාරයත් තරප්පු පෙළ අවසානයේ යකඩ පුවරුව කඩා ගෙන තරප්පු පෙළ තුලට ඇය වැටෙන ආකාරයත් සාප්පු සංකීරණයේ ක්‍රියාත්මක වන ආරක්ෂක කැමරා වල සටහන් වී ඇත.
එම කාන්තාවට තමා තරප්පු පෙළ තුලට වැටීමට පෙර සිය දරුවා ආරක්ෂිත ලෙස තරප්පුවෙන් ඉවත් කළ අයුරුද එම වීඩියෝවේ සටහන්ව තිබේ. එම අවස්ථාවේ සාප්පු සංකීරණ සේවකයින් විසින් කාන්තාව පිටතට ඇදීමට උත්සාහ කළත් ඇය තරප්පු පෙළ තුලට ඇදී යාම වැලැක්වීමට නොහැකි විය.
මෙම විදුලි සෝපානය මෑතකදී අලුත්වැඩියා කර ඇති අතර තරප්පු පෙළ අවසානයේ යකඩ පුවරුව මාරු කොට ඇති නමුත් එය යකඩ ඇන දමා නිසි ලෙස සවි කිරීමට අමතක වී ඇති බව පරීක්ෂණ වලදී හෙළිවී ඇත.
සංවේදී අය නැරඹීමෙන් වළකින්න!