විදුලි පුටු නෑ, හයිබ්‍රිඩ් නෑ – දේශීය යාන්ත්‍රණයක් පමණයි

null

ජාත්‍යන්තර මැදිහත්වීම්, ජාත්‍යන්තර පරීක්ෂණ පිළිබඳ පැවති යෝජනා ඉවත්කර ගනිමින් දේශීය යාන්ත්‍රණයක් තුළ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකඟව මෙම ප්‍රශ්නය විසඳීමට හැකිවීම ජයග්‍රහණයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ සිය අමෙරිකානු සංචාරය නිමවා මව්බිමට පැමිණීමෙන් පසු ඊයේ (02) රාතී‍්‍ර මාධ්‍ය වෙත විශේෂ ප‍්‍රකාශයක් කරමින්.

එසේ ජාත්‍යන්තර මැදිහත්වීම් හෝ හයිබ්‍රිඩ් අධිකරණ නොමැතිව දේශිය යාන්ත්‍රණයක් තුළ කටයුතු කිරීමට හැකිවුණු බවත්, විදුලි පුටු මාතෘකාවෙන් අයින් කර ඇති නිසා මින් ඉදිරියට කිසිවෙකුටත් විදුලිපුටු ගැන කතා කළ නොහැකි බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් මෙම යාන්ත්‍රණය චෝදනා ලබන පුද්ගලයින්ට තම නිදහසට කරුණු කීමට අයිතියක් ඇති බවත්, ඒ අනුව ඔවුන්ට කටයුතු කළ හැකි බවත්, ආරක්ෂක හමුදාවන්ට මෙන්ම එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ටත් එම අයිතිය හිමිවන බවත් ඔහු සිහිපත් කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වූ අමෙරිකානු යෝජනාවෙන් නිර්දේශිත දේශීය යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක කෙරෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බව ද ජනාධිපතිවරයා පවසයි.

එම යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක් අවශ්‍ය බවත්, ඒ සඳහා රටේ පිළිගත් දේශපාලන පක්ෂ සියල්ලට ආරාධනා කරන බවත්, මෙම යෝජනා සඳහා සියලු ආගමික නායකයිගේ අදහස් විමසීමට සර්ව ආගමික නායකයින්ගේ සමුළුවක් කඩිනමින් කැඳවන බවත් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>