25 Sep 2015
විදුලි බිල ගෙවීමට පෙරගෙවුම් කාඩ් එයි
විදුලි බිල්පත් ගෙවීම සඳහා පෙරගෙවුම් කාඞ්පත් පහසුකම් ලබාදීමට පියවර ගන්නා ලෙස විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ ගුණාත්මක විදුලි සේවාවක් ලබාදීම සඳහා නව පියවර රැසක් අනුගමනය කරන ලෙසට මෙලෙස උපදෙස් ලබාදී ඇති බවයි.
ඒ අනුව සුහුරු මාපක (Smart meters) හඳුන්වාදීම, විදුලි බිල්පත් ගෙවීම් සඳහා පෙරගෙවුම් කාඩ්පත් පහසුකම් ලබාදීම, විදුලිබල පාරිභෝගිකයන්ගේ හිමිකම් හා වගකීම් ප්රකාශනයක් හඳුන්වාදීම, නව විදුලි සැපයුම් සඳහා වන එක්දින සේවය යාවත්කාලීන කිරීම, බිඳවැටීම් සේවාවන් හිදී වගකීම් සහිතභාවය ආදි නව ක්‍රමවේදයන් රැසක් ඉදිරියේදී හඳුන්වාදීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය මහතාගේ අවධානය යොමුව තිබේ.