17 Sep 2014
විදුලි මිල සහ ඉන්ධන මිල අඩු කෙරේ
ඊයේ (16) සිට ක්රියාත්මක වන පරිදි විදුලි බිල සියයට 25 කින් අඩු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේය. එමෙන්ම ඉන්ධන මිල ගණන් ද පහත දමන බව ජනාධිපතිවරයා එම අවස්ථාවේදී පැවසුවේය.
ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 3.00 ද පෙට්රල් ලීටරයක මිල රුපියල් 5.00 ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 20 ද අඩු කරන බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
එතුමා මෙම අදහස් පළ කළේ චීන ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ පැවති උත්සවයේදියි.
එහිදී අදහස් දැක්වූ චීන ජනාධිපති ෂී – ජින්පින් ප්රකාශ කළේ ශ්රී ලංකාවේ බලශක්ති ගැටළුව විසඳාගැනීම සඳහා චීනය නිරන්තරයෙන් සහය දක්වන බවයි.