විදුහල්පතිවරයෙක් අතුරුදහන්

null

රාජගිරිය – හේවාවිතාරණ මහා විද්‍යාලයේ විදුහල්පති එන්.එන්. චිත‍්‍රපාල මහතා ඊයේ (19) උදෑසන සිට අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ. ඔහුගේ සොදරයෙකු විසින් මෙම පැමිණිල්ල සිදුකර තිබේ.

එදින උදැසන 6.40ට පමණ ඔහු නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ නිවසට ගොස් ඇති අතර නියෝජ්‍ය විදුහල්පතිවරයාට පාසලේ යතුරු සියල්ල භාරදී ඇත්තේ තමන් පාසලට පැමිණීමට තරමක් ප‍්‍රමාද වන බව පවසමිනුයි.

එමෙන්ම ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් එම පාසලේ තාක්ෂණ පීඨය විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබුණි. ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් එම උත්සවය පවත්වා තිබෙන අතර ඒ වන විටත් විදුහල්පත්වරයා පැමිණ නොමැත.

46 හැවිරිදි විදුහල්පතිවරයා මීට වසර එකහමාරකට පෙර එම විද්‍යාලයට පැමිණ ඇත්තේ බදුල්ල ප‍්‍රදේශයේ විද්‍යාලයකින් ස්ථාන මාරුවක් ලබාගෙනය.

මේ සිද්ධිය පිලිබදව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ,

“රාජගිරිය ප්‍රදේශයේ විදුහලක විදුහල්පතිවරයෙකු අතුරුදහන් වී ඇතිබවට වාර්තා වෙනවා. ඒ පිළිබද කොට්ටාව පොලිසියට පැමිණිලි කර තිබෙනවා. පැමිණිල්ලට අනුව මේ වනතුරු ඔහු අතුරුදහන් බවයි වාර්තා වෙන්නේ. විශේෂයෙන් ඔහුට අනතුරක් සිදුවී ඇත්දැයි බැලීමට අවට රෝහල් ගනනාවක්ම පරික්ෂා කර බැලුවා. කොට්ටාව පොලිසිය විසින් විශේෂ කණ්ඩායමක් මේසදහා යොදවා තිබෙනවා.” යනුවෙනි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>