විධායකය අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය – අහෝසි වන්නේ මෛත්‍රීගේ නිල කාලයෙන් පස්සේ

null

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා නව මැතිවරණ ක්‍රමයක් සැකසීම වෙනුවෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකා දෙක සඳහා අනුමැතිය හිමිව තිබේ.

ඒ අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම පැවති අවස්ථාවේ දිය.

විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම හා මැතිවරණ ක්‍රමයක් සැකසීම සඳහා වූ ක්‍රියාවලිය අගමැතිවරයා ප්‍රමුඛ කමිටුවක් මගින් සිදුකිරීමට යෝජනා කර ඇති අතර එම කමිටුව සඳහා නම් ලබාදෙන ලෙසද ජනාධිපතිවරයා එහිදී අගමැතිවරයාට දැනුම්දී ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් විධායක ජනාධීපති ධුරය අහෝසි වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල කාලය අවසන් වීමෙන් පසු ක්‍රියාත්මක වන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කර ඇත.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (18) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>