විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය

null

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.

කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ විධායක ජනාධිපති ධුරය අහෝසි කර එම ධුරයට හිමි බලතල පාර්ලිමේන්තුවට සහ ස්වාධීන කොමිසන් සභාවලට පැවරීමට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමඟ මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සහ නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම සඳහා විශේෂ කැබිනට් පත්‍රිකා දෙකක් අද (18) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, ඊයේ පස්වරුවේ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පැවැත්වුණ අතර එහිදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර මීට අනුමැතිය හිමිව තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>