වින්ඩෝස් 10 (windows 10) ජූලි 29 වනදා නිකුත්වේ

null

මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් ඉදිරිපත් කරන නව වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය නිල වශයෙන් ජූලි මාසයේ 29 වනදා සිය පාරිභෝගිකයන් වෙත ලබා දීමට සූදානම් බව දැනුම් දී තිබේ.

ලොව පුරා රටවල් 190ක වින්ඩෝස් 8.1 සහ වින්ඩෝස් 7 භාවිතා කරන පාරිභෝගිකයන් සඳහා වින්ඩෝස් 10 වලට නොමිලයේම මාරු වීමටත් එතැන් පටන් වසරක කාලයක් ඇක්ටිව් නොකර නොමිලේ බාවිතා කරන්නටත් අවස්ථාව හිමිවේ.

ස්මාර්ට් ෆෝන් උපාංග සහ එක්ස්බොක්ස් උපාංග සඳහා වන මෙහෙයුම් පද්ධතිය පසු කාලීනව වෙළඳ පළට එක් කිරීමට නියමිත වේ.

වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය මෙවර බොහෝ විශේෂාංග හා වෙනස්කම්වලින් සමන්විතය. පසුගිය දිනවල වින්ඩොස් 10 technical Preview ලෙස පරිශීලකයින් වෙත ලබාදී එහි ඇති ගැටළු නිරාකරනය කරන ලදී.

වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීමේ වීඩියෝව පහතින්…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>