විනාඩියට ලක්ෂ 2ක් ගත්ත කතාවට භාතියගෙන් පිළිතුරු

null

වේරැස් ගඟ ව්‍යාපෘතිය ආරම්භක උත්සවය සඳහා ගීත ගයනා කිරීමට භාතිය සන්තුෂ් රුපියල් දෙකෝටි හැත්තෑහය ලක්ෂයක මුදලක් අයකරගෙන ඇති බවට ප්‍රචාරය වන පුවත ජනප්‍රිය ගායක භාතිය ජයකොඩි විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

තම ආයතනයේ නම හෝ හරි හැටි නොදැන මෙලෙස වැරදි පුවත් ප්‍රචාරය සඳහා සාවද්‍ය කරුණු යොදාගැනීම පිලිබඳ සිය කණගාටුව පල කරන බවද ඔහු සඳහන් කර තිබේ.

මෙහිදී සිදුවුණේ ප්‍රසංගයක ගීත ගායන කිරීම නොව වේරැස් ගඟ ව්‍යාපෘතිය සමාරම්භක උත්සවය සංවිධානය කිරීම බවත්, මෙම උත්සවය සංවිධානය කිරීම අන්තර්ජාතික මට්ටමේ ප්‍රසංග උත්සව සංවිධානය කටයුතු සිදුකරන Showtown නමැති සමාගම විසින් සිදුකළ බවත් ජනප්‍රිය ගායක භාතිය විසින් මෙහිදී කරුණු අනාවරණය කර ඇත.

එමෙන්ම කිලෝමීටර් තුනක භුමි භාගයක අලංකාරවත් විදුලි ආලෝකධාරාවන් සැපයීම, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම, විශේෂ ආරාධිතයන්ට වර්ෂාවෙන් ආරක්ෂාවන ලෙස ආසන පැනවීම, පැමිණි සිටි අති විශාල ජනකායට ආසන පැනවීම, LED පුවරු භුමි භාගය පුරාවට මග දෙපස ප්‍රදර්ශනය, දිය මත පාවෙන ආකර්ශනීය වේදිකාවක් ඉදිකිරිම, විදුලි ජනක යන්ත්‍ර දොළහක් භාවිතා කිරීම යන විශාල වැඩකොටසක් මෙහිදී සිදුකළ බවද භාතිය පවසයි.

නර්තන කණ්ඩායම්, සංගීත කණ්ඩායම්, ගායක ගායිකාවන්ගේ සිට කාර්මිකයන්, රියදුරන් දක්වා විශාල පිරිසකගේ දායකත්වය සහ තවත් සමාගම් වල සේවාවන් ලබාගනිමින් මෙම විශාල උත්සවය සාර්ථකව සංවිධානය කිරීමට කටයුතු කළ බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

එහෙයින් තම ආයතනය ඉතා පැහැදිලිව සහ විනිවිදභාවයකින් මෙහිදී කටයුතු කර ඇති බැවින් මෙවැනි පදනම් විරහිත මඩ ප්‍රචාර වලට නොරැවටෙන ලෙසද භාතිය සඳහන් කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>