23 May 2018
විනෝදයට ගංවතුරට පැන්න සිසුවා අතුරුදහන්
ඊයේ (22) සවස විනෝද වීම සඳහා ගිං ඔයට පැන ඇති 17 හැවිරිදි පාසල් සිසුවෙක් අතුරුදහන් වී ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
මෙලෙස අතුරුදහන්ව ඇත්තේ වෙන්නප්පුව -ලුණුවිල,පීරිස්වත්ත පදිංචිව සිටි ආර්.මධුර ඩිල්ෂාන් නම් අයෙක් වන අතර ඔහු වෙන්නප්පුව ප්රදේශයේ පාසලක ඉගෙණුම ලබමින් සිට ඇත.
තවත් පිරිසක් සමඟ ගංවතුර බැලීමට ගොස් ඇති පාසල් සිසුවා එක් වරම ජලයට පැන ඇති බවත්,එතැන් සිට ඔහු අතුරුදහන්වී ඇති බවත් පොලීසිය පවසයි.
ඔහුගේ මළසිරුර මේ වන තුරුත් සොයාගෙන නොමැති බව වාර්තා වෙයි.