විනෝදයට රෙස්ලින් ගැසූ තරුණයාගේ අතින් මිතුරා මියගිය හැටි – Video
ඉන්දියාවේ හයිද්‍රාබාද්හි විනෝදයට රෙස්ලින් ක්‍රීඩාවේ (Wrestling) නිරත වූ තරුණයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු හිසට එල්ලවූ පහරවල් කිහිපයක් හේතුවෙන් එම ස්ථානයේදීම මියගොස් තිබේ.
පසුගිය 3 වන දා මෙම සිදුවීම සිදු වී ඇති අතර සිද්ධියෙන් බියට පත් වූ අනෙක් තරුණයින් පිරිස මිය ගිය තරුණයා රෝහලට රැගෙන ගොස් යතුරු පැදි අනතුරක් හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත් වූ බව ට තරුණයාගේ දෙමාපියන්ට පවසා තිබේ.
කෙසේ නමුත් මුයගිය තරුණයාගේ පියා විදේශගතව සිට පැමිණ තම පුතුගේ මරණය සැක සහිත බව පොලිසියට පැමිණිලි කිරීමත් සමග මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පසුව අදාල තරුණයින් තිදෙනා අත්අඩංගුවට ගෙන සිදුකල ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් සිදුවීම පාපොච්චාරණය කර තිබේ. ඔවුන් වැඩි දුරටත් පවසා ඇත්තේ දෙදෙනා අතර සිදුවූ මල්ලවපොරයේ වීඩියෝවක් මිතුරෙකුගේ ජංගම දුරකතනයේ පටිගත කොට ඇති බවයි.
වැඩිදුර පරීක්ෂණ සඳහා අදාළ තරුණයාගේ මළ සිරුර හෙට දිනයේදී නැවත ගොඩ ගැනීමට කටයුතු යොදා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.