විපක්ෂයේ පොදු ගිවිසුමට අද අත්සන් තැබේ

null

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ඔහුට සහය පළ කරන සෙසු පක්ෂ සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිම අද(01) දිනයේ සිදු කිරිමට නියමිතව තිබේ.

අද පෙරවරුවේ විහාරමහාදේවි උද්‍යානයේ එළිමහන් රංග පීඨයේදී මෙම අත්සන් තැබීම සිදුවන බව වාර්තා වේ.

පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි, පුජ්‍ය අතුරලියේ රතන හිමි, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා , ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා, ප්‍රජාතන්තවාදි පක්ෂයේ සරත් ෆොන්සේකා මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රික බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මීන් මේ සඳහා එක්වීමට නියමිත බව ද වාර්තා වෙයි.

මීට අමතරව ජාතික හෙළ උරුමය අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් නොකරන බවත් අභ්‍යන්තර ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත බවත් අද පුවත් වාර්තා කරයි.

මෙම ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කරවීමට අදාළ පාර්ශ්ව සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරනු ඇත.

එමෙන්ම පොදු අපේක්ෂකයාගේ ඇප මුදල් තැන්පත් කිරීමත් අද (01දා) දිනයේදී සිදුකිරීමට සැලසුම් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>