විපක්ෂ නායක ගැන අවසන් තීන්දුව අද

null

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 08වන පාර්ලිමේන්තුවේ පළමුවෙනි සභාවාරය අද ආරම්භවිමට නියමිතව තිබේ. විපක්ෂ නායකයා නම් කිරීම එහිදී සිදු කිරීමට නියමිත ය.

මේ වන විට විපක්ෂනායක ධූරය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් යන අයගේ නම් යෝජනා වී තිබේ.

කුමාර වෙල්ගම මහතා විපක්ෂ නායකවරයා ලෙස පත්කරන ලෙස ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරුන් 55 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් කථානායකවරයාට ද භාර දී තිබේ.

එමෙන්ම ආර්. සම්බන්ධන් මහතා විපක්ෂ නායක ලෙස පත් කරන්නැයි ඉල්ලමින් තමන් ද කථානායකවරයාට ලිපියක් භාර දුන් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ප‍්‍රකාශ කරයි.

කෙසේවෙතත් විපක්ෂ නායකවරයා පත්කිරීම පිළිබද අවසන් තීරණය අද පෙරවරුවේ ගන්නා බව කථා නායක කරූ ජයසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>