විපක්ෂ නායක තේරීම සුසිල්ට බාරදෙයි

null

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා කවුදැයි තීරණය කර දැනුම් දෙන්නැයි කතානායක චමල් රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ ඊයේ (08) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී ය.

වත්මන් රජයට එරෙහිව ප්‍රබල විපක්ෂයක් තැනීමේ දැඩි අවශ්‍යතාවක් මතුව ඇති බැවින් මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂනායක ධුරයට පත්කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 60 දෙනෙකු ලිඛිතව කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ හේතුවෙන් කථානායකවරයා සඳහන් කර ඇත්තේ එය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අභ්‍යන්තර කාරණාවක් බැවින් පක්ෂ තුළ එය සාකච්ඡා කොට තමන්ට දැනුම්දෙන ලෙස සන්ධාන ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතාට පවරන බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>