විපක්ෂ නායක පත්කිරීම විපක්ෂයටම දීලා

null

නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පත් කිරීමේ අවස්ථාව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබා දෙන බව ජනාධිපතිවරයා පැවසූ බව විමල් වීරවංශ මහතා පවසයි.

ජනාධිපතිවරයා සමඟ ජනාධිපති නිල නිවසේ අද පෙරවරුවේ පැවති සන්ධාන පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කර තිබේ.

කෙසේවෙතත් විපක්ෂ නායකවරයා ලෙස කවුරුන් පත් කරන්නේ දැයි අවසන් එකගතාවක් මෙහිදී ඇති නොවූ බවද හෙතෙම පවසා ඇත.

එසේම මෙම අවස්ථාවේදී එජාප සමඟ එක්වී හවුල් ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් තම අකමැත්ත ජනාධිපතිවරයාට ප්‍රකාශ කළ බවද වීරවංශ මහතා සඳහන් කර තිබේ.

විශේෂයෙන්ම එලෙස එජාපය සමඟ හවුල් වී කටයුතු කිරීමෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී දේශපාලන වශයෙන් එජනිස සිදුවිය හැකි හානිය පිළිබඳවද ජනාධිපතිවරයගේ අවධානයට යොම කළ බව වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම සාකච්ජාවට නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් වන මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර, දේශ විමුක්ති ජනතා පක්ෂයේ මෙන්ම මහජන පක්ෂයේ නියෝජිතයින් ද එක්ව සිටියහ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>