විභාගය ලියා ඇවිත් ගෙල වැළලාගත් සිසුවා

null

පිලාන මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක් අ.පො.ස. සාපෙළ විභාගයේ ඊයේ (13) පැවති විද්‍යා විෂයට පෙනි සිට නිවසට පැමිණ තම නිවසේ කාමරය තුලදි සාරිපටකින් ගෙල වැළලාගෙන තිබේ.

මෙම සිසුව විභාගයට පෙනී සිට නැවත නිවසට පැමිණි අවස්ථාවේ ඔහුගේ මව සමග බහින්බස් වීමක් ඇති කරගෙන තිබේ.

අනතුරුව මව නිවසින් බැහැර ගිය අවස්ථාවේ නිවසේ තනිව සිටි ඔහු මෙලෙස ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇත.

පසුව මෙම සිසුවාගේ මිතුරෙකු ඔහුගේ නිවසට පැමිණ ඇත්තේ ගණිත ප‍්‍රශ්න පත‍්‍රයට මුහුණ දිම සදහා පාඩම් වැඩ කටයුතු කිරීමටය. මිතුරා නිවාස තුලට ගොස් එම සිසුවා ගැන සොයා බැලීමේදී ඔහු ගෙල වැළලාගෙන සිය දිවිහානි කරගෙන සිටින අයුරු දැක ඇත.

මෙලෙස ගෙල වැළලාගෙන මියගොස් ඇත්තේ අක්මිමන මිගොඩ ප‍්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙකි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>