විමල් – නාමල් – බැසිල් කෝටි 8ක පොල්ලක් තියයි

null

පසුගිය ආණ්‌ඩුවේ ප්‍රබල දේශපාලනඥයන් තිදෙනකු වන විමල් විරවංශ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයවිය යුතු රුපියල් ලක්‍ෂ 830 ක මුදලක් මෙතෙක් ගෙවා නොමැති බව වාර්තා වේ.

දිවයින පුවත් සඳහන් කරන පරිදි දෙසැම්බර් මාසයේ සිට ජනවාරි 08 වැනිදා තෙක්‌ දින 39 ක්‌ තුළ හෙලිකොප්ටර්වලින් ගමන් කිරීම වෙනුවෙන් එම මුදල ඔවුන්ගෙන් අයවිය යුතු වේ.

පසුව ගෙවීමේ පදනම මත මෙම තිදෙනා ගුවන් හමුදාවෙන් හෙළිකොප්ටර් යානා ලබාගෙන රටේ විවිධ ප්‍රදේශවලට ගමන් කර තිබෙන අතර වැඩිම වාර ගණනක්‌ ගොස්‌ ඇත්තේ මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාය.

එම කාලය අතරතුරේදී ඔහු 24 වතාවක් පමණ ගුවන් හමුදා යානා භාවිත කර ඇත.

බෙල් 412 සහ එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා ඔවුන්ගේ ගමන් සඳහා යොදාගෙන ඇති අතර හම්බන්තොට, මාලේ, ගන්නොරුව, මොනරාගල, බුත්තල, තංගල්ල, කල්කුඩා, යාපනය, මන්නාරම, අරලගංවිල, කන්තලේ, වීරවිල, අලුත්ගම යන ප්‍රදේශවලට යැමට එම යානා යොදාගෙන තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>