විමල් වීරවංශ අත්අඩංගුවට

null

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ විදේශ ගමන් බලපත්‍ර දෙකක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බවයි.

අද පෙරවරුවේ යුරෝපීය සංචාරයක් සඳහා විදෙස්ගතවීම‍ට පැමිණි වීරවංශ මහතා මීට කලකට ඉහතදී අස්ථානගතවීම නිසා අවලංගු කරන ලද විදෙස් ගුවන්බලපත්‍රයකින් විදෙස්ගතවීමට උත්සාහ දැරීම හේතුවෙන් ප්‍රකාශයක් ලබාදීමට ගුවන්තොටුපළ පරිශ්‍රයේ ස්ථාපිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයට කැටුව ගොස් තිබේ. අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වෙතත් විමල් වීරවංශ මහතා කියා සිටියේ තමාගේ අස්ථානගතවූ විදෙස් ගුවන්ගමන් බලපත්‍රය යළි හමුවීම නිසා අත්වැරදීමකින් එය රැගෙනවිත් ඇති බවත්, ඒ අනුව තමා යළි නිවරදි අලුත් ගුවන්බලපත්‍රය රැගෙන පැමිණි බවත් ය.

තමන් දරන දේශපාලන ස්ථාවරය හේතුවෙන් නැති නීති තර්ක මතුකරමින් තමාගේ විදෙස් සංචාරය නැවැත්වීමට රජය විසින් කටයුතු කරන බවට වීරවංශ මහතා චෝදනා කළේය.

අත්අඩංගුවට පත්වූ විමල් විරවංශ මහතා මීගමුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>