විමල් සහ වාසු චන්ද්‍රිකාට එරෙහිව අල්ලස් කොමිසමට යයි

null

හිටපු අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ යන මහත්වරුන් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට එරෙහිව අද අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ, හිටපු ජනපතිනියගේ පාලන සමයේ සිදුවූ ඉඩම් වංචාවක් සම්බන්ධයෙන් වන නඩු විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියමයකට අනුව අල්ලස් කොමිසම කටයුතු කර නොමැති බව පවසමින්.

හිරු නිව්ස් වාර්තා කරන පරිදි 2007 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් සඳහන් කර තිබුණේ හිටපු ජනාධිපතියගේ පාලන සමයේ වරායේ නැව්වලට තෙල් සැපයීමේ අංශය අක්කර 10 ක භූමි භාගයක්ද සමඟ අවිධිමත් ලෙස පුද්ගලික සමාගමකට පවරා ඇති බවයි. එමඟින් සිදුවූ වංචනික ගණුදෙනුව හේතුවෙන් රජයට සහ එහි සේවකයන්ට අලාභයක් සිදුවූ බව එම පෙත්සම මගින් වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණි.

පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය – තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ පුද්ගලික සමාගමකට පැවරූ වරායේ තෙල් සැපයීමේ අංශය නැවත රජයට පවරාගන්නා ලෙසයි. එහිදී අදාළ ගණුදෙනුව පිළිබඳ අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණයක් සිදුකොට කරුණු වාර්තා කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

කෙසේ වෙතත් වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා අද අල්ලස් කොමිසම හමුවේ කියා සිටියේ වසර 7 කට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයට අනුව මේ වනතුරුත් වැරදි කළවුන්ට දඬුවමක් දී නොමැති බවත්, එය ශ්‍රේෂ්ඨාධිකරණ නීතිය කඩකිරීමක් බවත් ය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් අද අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිට ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>