විල්පත්තුව ගැන සොයන්න ජනපතිගෙන් උපදෙස්

null

වසර ගණනාවක සිට රටේ මහත් ආණ්දෝලනයකට ලක්ව තිබෙන විල්පත්තුව වන සංහාරය ගැන සොයා බලා අවශ්‍ය පියවර ගැනීම සඳහා කටයුතු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී තිබේ.

ඒ මහතා මෙම උපදෙස් ලබාදී ඇත්තේ පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.

මේ අතර විල්පත්තු අභයභූමිය ඇතුලූ අවට රක්ෂිත එළිකිරීම හේතුවෙන් වන අලින් 200 කට පමණ නිජභූමිය අහිමිවන බව පරිසරවේදීන් පවසයි.

පරිසරවේදී පුබුදු වීරරත්න මහතා සඳහන් කර ඇත්තේ මේ හේතුවෙන් අලි මිනිස් ගැටුම තව තවත් උග්‍රවිය හැකි බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>