විල්පත්තු පෙත්සමට බදියුදීන්ට නොතීසි

null

විල්පත්තු භූමියේ වන එළිපෙහෙළි කිරීමත්, නීති විරෝධී නැවත පදිංචි කිරීම් සිදුකීරීමත් යන චෝදනා යටතේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද (04) නොතීසි නිකුත් කර තිබේ.

පරිසර යුක්ති කේන්ද්‍රය මගින් එම පෙත්සම ඉදිරිපත් කර තිබු අතර පෙත්සම අද කැදවු අවස්ථාවේ පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරු අධිකරණය හමුවේ කියා සිටියේ විල්පත්තුව මරිච්චකට්ටුව ප්‍රදේශයේ රක්ෂිත කැලෑ එළිකර නිවාස ඉදිකිරීම් අඛණ්ඩව සිදුකරන බවයි.

ඒ අනුව කරුණු සලකාබැලු අභියාචනාධිකරණය පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති අමාත්‍ය රිෂාද් බදියුදීන් ඇතුළු වගඋත්තරකරුවන් අටදෙනෙකුට සැප්තැම්බර් මස 16 වැනිදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස නියෝග කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>