24 Oct 2015
විල්පත්තු මහකැලෑවට යන එන අබිරහස් කාන්තාව කවුද?
විල්පත්තු කැළෑවේ කිලෝ මීටර් 40 ක් වන්නට ඇතුළින් දරුණු සතුන් වාසය කරන ප්‍රදේශයක ගමන් කරන කාන්තාවක් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබේ.
අදාළ කාන්තාව හඳුනාගැනීමට හැකිව තිබෙන්නේ එම ප්‍රදේශයේ වාසය කරන සතුන්ගේ ඡායාරූප ගැනීම සඳහා සවිකර තිබූ කැමරාවකින්.
මෙම හඳුනානොගත් අබිරහස් කාන්තාව 2015-09-10 වැනිදා තලවිල දෙසට යන ආකාරය සහ ඊට පසුදින එම කාන්තාව උණුසුම් කබායක් ද හැඳ නැවත පෙම්පරිප්පු දෙසට යන ආකාරය ද අදාළ කැමරාවේ සටහන්ව තිබේ.
වයස්ගත කාන්තාවක්වන ඇය මෙම කැලෑව තුළ තනිව ජීවත්වනේ කෙසේ ද යන්ත තවමත් අබිරහසක්.
මේ පිළිබඳ අදහස් දක්වන විල්පත්තු භාරකාරවරයා පවසන්නේ මෙම සිදුවීම ඉතාම අසාමාන්‍ය එකක් බවයි.