විල්පත්තු මහකැලෑවේ සැරිසැරූ කාන්තාව ගැන තොරතුරු හෙළිවේ

null

මිනිස් වාසයෙන් තොර විල්පත්තු ජාතික වන උද්‍යානය තුල සැරිසරන බව කියන කාන්තාව වනජීවී නිළධාරීන් විසින් හඳුනාගෙන තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කරයි.

අදාළ කාන්තාව වන උද්‍යාන මායිමේ පිහිටි එළුවන්කුලම ගම්මානයේ පදිංචි කාන්තාවක් බවත්, ඇය කිසියම් මානසික රෝගයකින් පෙළෙන කාන්තාවක් බවට හඳුනාගෙන තිබෙන බවත් විල්පත්තු ජාතික වන උද්‍යානයේ උද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

අදාළ කාන්තාව වන උද්‍යානය තුල සැරිසරන ආකාරය වන ජීවී නිළධාරීන් විසින්ද නිරීක්ෂණය කර ඇති අතර එම සෑම අවස්ථාවකදීම වනාන්තරයෙන් පිටතට යන ලෙස වනජීවී නිළධාරීන් අදාල කාන්තාවට දැනුම් දී තිබෙනමුත් ඇය ඇහුම්කන් දී නොමැත.

කෙසේ වෙතත් නුදුරු දිනයකදිම අදාළ කාන්තාව වන උද්‍යානය තුලට ඇතුලූ වීම වැලැක්වීමට ස්ථිර පියවර ගන්නා බව මනෝජ් විද්‍යාරත්න මහතා වැඩිදුරටත් පවසා තිබේ.

විල්පත්තු වන උද්‍යානයේ සැරිසරන මෙම කාන්තාව සම්බන්ධයෙන් පළමුව තොරතුරු වාර්තා වූයේ වන සතුන්ගේ ඡායාරූප ගැනීම සඳහා සවිකර තිබූ කැමරාවක ඇයගේ රුව සටහන් වීමත් සමගයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>