විල්පත්තු වන විනාශය ගැන පරිසර ලේකම්ගේ වාර්තාව අද

null

විල්පත්තු වනෝද්‍යානය ආශ්‍රිතව සිදුවෙමින් ඇතැයි කියන වන විනාශය සහ අනවසර පදිංචි කිරීම් සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ සහ නිර්දේශ ඇතුළත් වාර්තාව ජනාධිපතිවරයාට අද භාරදෙන බව පරිසර අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා පවසයි.

නීතිවිරෝධී ආකාරයට විල්පත්තු වනෝද්‍යානය අවට සහ වවුනියාව, මන්නාරම් රක්ෂිත කැලෑ ප්‍රදේශවල කැලෑ කැපීම සහ නිවාස ඉදිකරන්නන්ට හා ඉඩම් පෙන්වීම සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පරිසර අමාත්‍යාංශයට, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඊයේ (10) පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එම වාර්තාවේ ඇතුලත් කරුණු අද පස්වරුවේ මාධ්‍ය වෙතද අනාවරණය කරන බව ඔහු සඳහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>