06 Jun 2015
විල්පත්තු වාර්තාව ජනපතිට බාරදෙයි
විල්පත්තු අභයභූමිය ආශ්රිත නැවත පදිංචි කිරිම් සම්බන්ධයෙන් පරිසර සංවිධාන සකස් කළ වාර්තාව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත බාරදී තිබේ.
ඊයේ (05) රාත්රීයේදී ජනාධිපති කාර්යාලයේදී අදාළ වාර්තාව පරිසර සංවිධාන විසින් ජනාධිපතිවරයා වෙත බාරදී ඇති බව සඳහන්ය.
මේ පිළිබදව තමන් පාර්ශව ගණනාවකින් වාර්තා කැඳවා ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා එම වාර්තා කඩිනමින් ලබා දිමට කටයුතු කරන ලෙස අදාළ පාර්ශව වෙත උපදෙස් ලබාදී ඇත.
එම වාර්තාද ලැබීමෙන් අනතුරුව අදාළ ප්රදේශවල නැවති පදිංචි කිරිම් සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන බව ජනාධිපති මෛත්රපාල සිරිසේන මහතා මෙහිදි ප්රකාශ කර තිබේ.
එමෙන්ම මෙහිදි අදහස් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ කිසිදු පුද්ගලයෙකුට පරිසරයට හානි කිරිමට ඉඩ නොදෙන බවයි.