විල්පත්තු විනාශය බලන්න හිමිවරුන් 300ක් යයි

null

විල්පත්තු ජාතික වනෝද්‍යානය අවට රක්ෂිත රැසක සිදු කරන දැවැන්ත වන විනාශය දැක බලා ගැනීම සදහා ඊයේ (14) ජාතික භික්ෂු සම්මේලනය නියෝජනය කරන හිමිවරුන් 300ට ආසන්න ප්‍රමාණයක් සමග පරිසරවේදීන් මාධ්‍යවේදීන් සමග එම ප්‍රදේශයට ගොස් තිබේ.

මේ සඳහා සහභාගී වූ භික්ෂූන් වහන්සේලා සත්‍යග්‍රහයකද නිරත වුයේ මෙම වන විනාශය නැවත සිදු නොකිරීමට බලධාරින්ගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලමිනි.

භික්ෂුන් වහන්සේලා ඇතුළු සංචාරයට එක් වූ පිරිස රැගෙන විත් තිබූ පැළ රෝපණය කිරීමක්ද සෙත් පිරිත් සජ්ඣායනයක් මධ්‍යයේ එහිදී සිදුවූ අතර ඒ සමගම පරිසරවේදීන් විසින් ඔවුන්ගේ මැදැහත් වීමෙන් නියමුවන් රහිත (QUJD COCTGR) අධි තාක්ෂණික කැමරා සවි කල කුඩා යානයක් උඩු ගුවනට යවා අදාල ප්‍රදේශය ඡායා රූප ගත කිරීමට කටයුතු කර ඇත.

පසුව නැවත බස් රථ වල නැගී පැමිණෙමින් සිටි භික්ෂුන් වහන්සේලා රැගත් බස් රථයකට යතුරු පැදි වලින් පැමිණි මුස්ලිම් ජාතිකයින් පිරිසක් පහත් ආකාරයෙන් බැණ වැදීම නිසා ඇති වන්නට ගිය බරපතල ගැටුම්කාරි තත්ත්වය පොලිසිය මැදිහත්ව වළක්වා ලීම සිදු විය. මෙහිදී මෙම මුස්ලිම් ජාතිකයින් දැඩි ආවේගයෙන් හැසිරෙනු ආකාරය දැකගත හැකි වූ බව හිරු නිව්ස් වාර්තා කරයි.

null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>