විල්පත්තු විනාශ කළේ නැතැයි කුරාණයේ අත තබා දිවුරන්නැයි කළ ඉල්ලීම බදියුදීන් ප්‍රතික්ෂේප කළ හැටි

null

විල්පත්තු වන විනාශය පිළිබඳ විශේෂ විවාදය ඊයේ හිරු ටී වී සලකුණ වැඩසටහන ඔස්සේ විකාශය කෙරුණි. විවාදයට පුජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් එක්ව සිටියේය.

මෙම සංවාදයේදී දෙපාර්ශවයම විවිද තර්ක ඉදිරිපත් කරමින් විල්පත්තු වනාන්තරය අවට ප්‍රදේශය විනාශ කරමින් ජනාවාස ඉදි කිරීම පිළිබඳ උණුසුම් විවාදයක නිරත විය.

රජය වෙන්කල ප්‍රමාණය ඉක්මවා යමින් වනාන්තරය එළිකල නිවාස ඉදිකර ඇතැයි ආනන්ද සාගර හිමියන් මෙහිදී පෙන්වා දෙන ලදී.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ප්‍රකාශ කලේ තමා කිසි ලෙසකින් හෝ විල්පත්තුවේ නිවාස ඉදි කිරීමට අවසර ලබාදී නොමැති බවයි.

මේ වනවිට එහි ඉදිකර ඇති නිවාස ඉදිකර ඇත්තේ නීතිමය අවසරය මත පමණක් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් කැලෑ විනාශ නොකල බවට කුරාණයේ අත තබා දිවුරන ලෙසට ආනන්ද සාගර හිමියන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගෙන් කළ ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කිරීමද විශේෂත්වයකි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>