විලියම්සන් ශ්‍රී ලංකා ජයග්‍රහණය උදුරාගනී

null

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වුණු සිව් වන එක්දින ක්‍රිකට් තරඟය ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා පිළ පන්දුවාර 49යි පන්දු 3කදී සියලූ ක‍්‍රීඩකයන් දැවී ලකුණු 276ක් රැස්කළහ.

ශ්‍රී ලංකාව – 276/10

මහේල ජයවර්ධන – 94
කුමාර් සංගක්කාර – 76
තිලකරත්න ඩිල්ෂාන් – 44

එහිදී සංගක්කාර එක්දින තරඟවලදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයා බවට පත්විය.

ජයග්‍රාහී ලකුණු ප්‍රමාණය හබා යෑම සඳහා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 48.1 අවසානයේ කඩුළු 6ක් පමණක් දැවී ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් විය.

නවසීලන්තය – 280/6

කේන් විලියම්සන් – 103
කොරී ඇනඩර්සන් – 47
ග්‍රාන්ට් එලියට් – 44

මෙම ජයග‍්‍රහණයත් සමඟ තරඟ 7කින් යුත් එක්දින තරගාවලියේ ජයග‍්‍රහණ දෙකට එකක් ලෙස ඉදිරියෙන් සිටින්නේ නවසීලන්තයයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>