විවාදයකට එන ලෙස මෛත්‍රී ජනපතිට අභියෝග කරයි

null

එළඹෙන ජනවාරි 1 වැනිදා තමන් සමග ප‍්‍රසිද්ධ විවාදයකට පැමිණෙන්නැයි ජනාධිපතිවරයාට අභියෝග කරන බව පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන පවසයි.

ගාල්ල – ඇල්පිටිය ප‍්‍රදේශයේ ඊයේ (17) පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

හිරු නිව්ස් සඳහන් කරන පරිදි යහපාලනය සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ ප‍්‍රකාශයන් තමන් පිළිනොගන්නා බවත් යහපාලනය පිළිබඳව විවාදයකට එන්නැයි තමන් ජනාධිපතිවරයාට ආරාධනා කරන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම ‘මේ දවස්වල අරලියගහ මන්දිරයේ මගේ රුපයක් හදලා ඒක තෙලේ දලා බඳිනවාලූ. කාමරයක් ඇතුළේ මගේ රුපයකට කටු ගහලා මතුරනවාලූ. මේවා කරලද මේ දිනන්න හදන්නේ’ යැයිද මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසු බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>