විස්ස ගැන අද තීරණාත්මක කැබිනට් සාකච්ඡාවක්

null

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ යෝජිත විසිවැනි සංශෝධනය පිළිබඳ සාකච්ඡා කෙරෙන තීරණාත්මක කැබිනට් රැස්වීමක් අද පැවැත්වීමට නියමිත බව නෙත් නිව්ස් වාර්තා කරයි.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කෙරුණු නිර්දේශ 15කින් සමන්විත කැබිනට් සංදේශයක් පාදක කර ගනිමින් අදාළ කෙටුම්පත සම්බන්ධයෙන් ඉකුත් මස 27 වැනිදා පැවැති කැබිනට් රැස්වීමේදීද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බව කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

එදින පවතී රැස්වීමෙන් පසුව මෙම නිර්දේශවලින් ඇතැම් එ්වා සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කළ යුතු බව තීරණය කෙරුණු අතර ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා සහ අදාළ විෂය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සුළු පක්ෂ සහ සෙසු පාර්ශ්ව සමග ඒ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීම පසුගියදා සිදු කෙරුණි.

ඒ අනුව අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත්තේ ඉන් අනතුරුව සකස් කෙරුණු නිර්දේශයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>