විසිවැනි සංශෝධනයට සහය දක්වනවා

null

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ යෝජිත විසිවැනි සංශෝධනයට එක්සත් ජාතික පක්ෂය අනිවාර්යයෙන්ම සහය දක්වන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය ස්ථාවරය කුමක්දැයි එක්සත් ජාතික පක්ෂය පැහැදිලිව රටට හෙළි කළ යුතු බවට විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ කරන ලද චෝදනාවකට පිළිතුරු දෙමිනි.

විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (31) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුනේ මැතිවරණ ක්‍රමයට වෙනසක් එක් කරන 20 වන සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කරන ලෙස යි. තවද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ යෝජිත විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය දරන්නේ දියාරු ප‍්‍රතිපත්තියක් බවද , එ් බව රටට වසන් කිරීම සඳහා ඔවුන් හොරගල් අහුලන බවද විපක්ෂ නායකවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඊට ප‍්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා අවධාරණය කළේ කිසිදු කරුණක් සම්බන්ධයෙන් හොරගල් ඇහිලීමට එක්සත් ජාතික පක්ෂයට අවශ්‍යතාවක් නොමැති බවත්, යෝජිත විසිවැනි සංශෝධනය කඩිනමින් සම්මත කර වහාම මැතිවරණයක් පැවැත්විය යුතු බවත් ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>