විහාරාධිපතිට බොරු කියා මුදල් සොරකම් කළ තරුණයා මාට්ටු

null

හලාවත – කොක්කාවිල මහා බෝධි විහාරස්ථානයේ මුදල් සොරකම් කර ගෙන පලා යාමට උත්සහ කළ අයෙකුව ගම්වාසීන් විසින් අල්ලා ගෙන හලාවත පොලීසියට බාර දී තිබේ.

අද පෙරවරු 7ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇති අතර ගම්වාසීන් විසින් අල්ලාගෙන පොලිසියට භාර දී ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයකු ය.

කුලී වැඩ කර ජීවත් වන තමන්ට රාත්‍රීයේ නවාතැන් ලබා දෙන ලෙස ඉල්ලමින් ඔහු පසුගිය 30 වැනිදා කොක්කාවිල මහා බෝධි විහාරයට පැමිණ තිබේ.

ඔහුට විහාස්ථානයේ ධර්ම ශාලාවේ රැය පහන් කිරීමට අවසර ලබා දීමට කැමැත්ත පල කර ඇති විහාරාධිපති ජයසිරිගම සද්ධානන්ද ස්වාමීන් වහන්සේ දායකයෙකු මගින් රාත්‍රී ආහාරයද ගෙනවිත් දී ඇත.

පසුව 01 වැනිදා අළුයම විහාරාධිපති ස්වාමීන් වහන්සේ විහාර මන්දීරයට ගොස් ආපසු ආවාස ගෙට පැමිනෙන විට ආගන්තුක තරුණයා එහි සිට ඇති අතර තරුණයාගෙන් ප්‍රශ්ණ කරන විට ඔහු ස්වාමීන් වහන්සේව තල්ලු කර පලා යාමට උත්සහ කර තිබේ.

ඒ අතර විහාරස්ථානයට හීල් දානය රැගෙන පැමිණ ඇති දායක සභාවේ ලේකම්වරයාද ඔහුව අල්ල ගැනීමට උත්සහ කිරීමේදී අවට සිටි කීප දෙනෙකු එකතු වී සැකකරුව අල්ලා ගෙන ගස් බැද ඇත.

එම අවස්ථාවේදී ඔහු සතුව තිබී විහාරස්ථානයෙන් සොරකම් කරන ලද රුපියල් 4060 ක මුදලක්ද සොයා ගෙන ඇති අතර තමන් ණයක් බේරීම සඳහ මෙම සොරකම සිදු කළ බව සැකකරු පොලීසිය හමුවේ පවසා තිබේ.

සැකකරුගේ ගමන් මල්ලේ තිබී මුදල් පසුම්බි 03 ක් සොයා ගෙන ඇති නමුත් ඒවයේ මුදල් තිබී නොමැත. ඒ අනුව මොහු ගැට කපන්නෙකුද යන්න සැකයක් ඇති බව පොලීසිය පවසයි.

හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>